වී වැපිරීමට පෙර සිදු කළ යුතු කටයුතු
මේ පිළිබදව අපේ මුතුන් මිත්තන් අති භාග්‍ය සම්පන්න වූ යන්ත්‍රයක් සකස් කළා, ඒ තමයි අතිභාග්‍යසම්පන්න ශ්‍රී පුඤ්ඤක්ඛෙත්ත කසීකම්ම යන්ත්‍ර රාජයා. බොහෝ අස්වැන්න ලබා ගැනීමටත් සතුන්ගෙන් පීඩා නොවීමටත් දෙවියන්ගේ අධාර හා ආශිර්වාධ ලැබෙන දහස්වර අත්දුටු එකම යන්ත්‍රය මෙය බව ගුරුපොත් වල සඳහන්වී තිබෙනවා. ගොවියාගේ ඉටු දෙවියෙක් බව සඳහන්ව තිබෙනවා. ප්‍රතිපත්තිගරුකව මත්පැනින් මස් මාංශ වලින් තොරව මේ යන්ත්‍ර රාජයා සකස් කර තබා ගැනීමෙන් නොසිතූ විරූ ප්‍රතිථල ලබා ගත හැකි බව මා පරිශීලනය කර පොත පතේ සඳහන් කරුණක්. මෙම යන්ත්‍රය ඉතා වටිනා සියළු ගොවි මහතුන් භාවිතා කළ යුතු යන්ත්‍රයක් බව සිහි කිරීමට කැමතියි. මෙහි ගාථා හතරක් දැක්වෙනවා.
පළවෙනි ගාථාව
සද්ධා බීජං තපෝ වුට්ඨි - පඤ්ඤා මේ යුගනංගලං
හිරි ඊසා මනෝ යොත්තං සති මේ ථාලපාචනං
කායගුත්තෝ වචීගුත්තෝ ආහාරේ උදරේ යතෝ
දෙවෙනි ගාථාව
සච්චං කරෝමි නිද්දානං සෝරච්චං මේ පමෝචනං
විරියං මේ ධුරධෝරහ්හං යෝගක්ඛේමාධිවාහනං
ගච්ඡති අනිවත්තන්තං ගත්ථ ගන්ත්වා න සෝචති
තුන්වෙනි ගාථාව
ඒවමේසා කසීකට්ඨා සා හෝති අමතප්ඵලා
ඒතං සතිං කසිත්වාන සබ්බදුක්ඛා පමුච්චතීති
බුද්ධං ධම්මං සංඝං ච පුඤ්ඤං ඛෙත්තං අනුත්තරං
හතරවෙනි ගාථාව
තින්නං රතනානුභාවේන සබ්බදුක්ඛා පමුච්චති
ඒතේන සච්ච වජ්ජේන විරියංභාග්‍යයං සුඛංබලං
වුද්ධි ලාභංග ච සබ්බාරක්ඛන්තු සබ්බදා
යන්ත්‍රය සකස් කර ගන්නා ආකාරය
මේ යන්ත්‍රය ඇඳ ගන්න ඕන ද්විත්ව රේඛා යොදල. අගල් හයක් දිග , දෙකක් පළල තඹ තහඩු දෙකක නියම අයුරින් ගාථා පිහිටුවා එකක් තුනී කොහොඹ ලෑල්ලක් මැදට ඇන නොගසා සවිකර ගත යුතුයි. මෙම තඹ තහඩුවේ දිග දෙපසින් හා පළල දෙපසින් සෘජුකෝණාස්‍රාකාර ද්විත්ව රේඛා වලින් යුතු කොටුවක් ඇඳ ගත යුතුයි. ඉන්පසු දිග දෙපසින් ඒ රේඛා වලට ගෑවෙන සේ දිග අතට මැදින් උඩින් පහලින් එම රේඛා වලට නොගෑවෙන සේත් අලුවා කැටයක හැඩයට ද්විත්ව රේඛා වලින් කොටුවක් ඇඳගත යුතුය. එහි මධ්‍යයේ පෙති අටක නෙළුම් මලක් ඇඳිය යුතුයි. එම නෙළුම් මලට උඩින් බුද්ධං යන වචනය ලිවිය යුතුයි. දකුණු පසින් සංඝං යන වචනය ලිවිය යුතුයි. වම් පැත්තෙන් ධම්මං යන වචනය ලිවිය යුතුයි.
ඒ වගේම බුද්ධං යන වචනය ලියවුනු පැත්තේ නෙළුම් මල් එක පෙත්තක ‘අ’ , දකුණට කැරකවෙමින් දෙවැනි පෙත්ත ‘නු’, තුන්වැනි පෙත්තේ ‘තත’ , හතරවෙනි පෙත්තේ ‘රං’ ඊලග පෙත්තේ ‘පු’ ඊළග පෙත්තේ ‘ ඤඤ’ ඊළග පෙත්තේ ‘ඛෙ’ ඊළග පෙත්තේ ‘තත’ ඊළගට ‘ ං’ ලෙසට ‘අනුත්තරං පුඤඤක්ඛෙත්තං ’ ලෙසට ලිවිය යුතුයි.
යන්ත්‍රය නිදන් කරන ආකාරය
මෙම යන්ත්‍රය පුරපක්ෂයේ බුද දිනය සුභ හෝරාවෙන් මරුට පිටුපා කුඹුර අයිනේ තැනූ ගෙපලක හෝ තම නිවසේ පරිසිදු ස්ථානයක උඩු වියන් බැඳ නා බෝ බුළත් දළු වර්ග , පුවක් මල් එල්ලා ගොම මැටිගා , අසුනක් පනවා , පිරුවට එලා පස්මල් විසුරුවා කළස් තබා පහන් දල්වා , පූජාසනයට පිරිත් පැන් කළයක් නොපෑගුණ ගල් , වැලි අබ සහ කට්ටකුමංජල් රාත්තල් බාගයක් පමණ තබා තිබේනම් සදාතුක කරඩුවක්ද තබා සුවඳ මල් කපුරු ,පිණිදිය , ගිලන්පස , දැහැත් පූජාකර , කුඹුර අසල කරන්නේනම් කුඹුර වටේ නූල් ඇද , පූජාසනයට පිරිත්පැන් කළයට හා යන්ත්‍රයට සම්භන්ධ කර සකසා තබා ගන්න.
කුඹුර වටේ මල් පැල් සතරක් ගසා හතර වරම් දෙවියන්ට පහන් දල්වා , ජීවම පටන් ගත යුත්තේ හොඳින් හිස සෝදා නා පිරුවට ඇඳ පිරිසිදු වීමෙන් පසුවයි. ප්‍රථමයෙන් පහන් දල්වා පන්සිල් ගෙන දේවාරාධනය කර තම අදහස කියා තෙරුවන් සරණත් දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් ඉල්ලා පිරිත් තුන් සූත්‍රය සහ අටවිසි පිරිත කියා පසුව යන්ත්‍රය සමග පළමු ගාථා තුනෙන් දහස් වරක් පිරවිය යුතුය.
සමහර විටෙක එළිවෙන තුරා මේ කාර්යය කළ යුතු වෙනවා හැකියාවක් ඇත්නම් ඉතා සිල්වන් ගුණවත් අකුරු හොඳින් කියවෙන තවත් දෙදෙනෙකු එකට එක්වෙලා මේ දහස් වාරය පිරවීම වඩා වැදගත් වෙනවා. උදේට පිරිත් තුන් සූත්‍රය කියවා හොඳින් බුද්ධ පූජාව පවත්වා කුඹුර අටකොණ සීමා කර සුවඳ දුම් වලල්ලක් අල්ලා ජීවම් කරන ලද වැලි ,අබ, පිරිත් පැන් , පිරිත් නූල් තැන්පත් කර , කුඹුර මැද කොහොඹ ලෑල්ලේ සවිකළ යන්ත්‍රය අලුත් මුට්ටියකට ආරක්ෂා වස්තු සමග දමා කට වසා නිදන් කරන්න. අනෙක් යන්ත්‍රය කුඹුර හිමියා විසින් සුබ මොහොතකින් කර පළඳින්න. එසේත් නැත්නම් එම යන්ත්‍රය රාමු කර අප බුදුන් පුදන තැන තබා ඊට ගරු සත්කාර කළ යුතුය.
මෙම යන්ත්‍රය සැකසීමේදී යන්ත්‍ර කීපයක් එකවර ජීවම් කළත් වරදක් වෙන්නේ නෑ. මේ යන්ත්‍රය පළදින අය ඉතා භාග්‍ය වන්තයි. එසේ ඉතා සරුසාර ථල බර අස්වැන්නක් ලබා ගන්නවා. සතුන්ගෙන් වන උවදුරු වලින් වෙනත් කරදර වලින් සියලු උවදුරු වලින් ආරක්ෂා වෙනව. එසේම ගොඩ මඩ ගොවිතැන් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වෙනවා. මේ ආකාරයෙන් පුඤඤක්ඛෙත්ත කසීකම්ම යන්ත්‍ර රාජයාගේ පිහිට සියලු ගොවි මහතුන්ට ලබා ගත හැකි වෙනව.
උදැල්ල හා නගුල වෙනුවෙන් කළ යුතු දෑ
මීලගට මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි කුඹුර වැඩ කරන්න ආරම්භයේදී දැන් අපේ යන්ත්‍රය සකස් කරගෙන ඉවරයි. අපි එක යන්ත්‍රයක් පැළඳගෙන තියෙනව. ඊලගට අපි ආරම්භයේදී ම කුඹුර වැඩ කරන්න එහෙමත් නැත්නම් හේනක වැඩ කරන්න අතට ගන්නේ මොකද්ද ? උදැල්ල එහෙනම් අපි මේ ථලදාව වැඩි කර ගැනීමට , සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට , සතුන්ගෙන් හා වෙනත් සතුන්ගෙන් වන උපද්‍රව වලක්වා ගැනීමට උදැල්ල අතට ගත්තාම නැත්නම් හාන්න නගුල අතට ගත්තාම කළ යුතු කාර්යයක් තියෙනව . එම කාර්යය කෙසේ කළ යුතුද යන්න මම දැන් දෙවනුව ඉදිරිපත් කිරීමට සූදානම් . මේ සඳහා ඖෂධ වශයෙන් අවශ්‍ය වෙනව පස් පැගිරි කොළ , වියලි කහ සම ගෙන කොටා පස් තෙලට දමා ලිප තබා හොඳට රත් වුනාට පසුව එයින් බාගෙන නිවූ පසු පහත සඳහන් මන්ත්‍රයෙන් එකසිය අට වරක් මතුරා ප්‍රාණ කළ කුප්පි හතරකට දමා කට වසා ගොවිපලේ සතර කොණක යට කළ යුතුයි.
මේ ගත්තු පස් තෙල් සමග සංයෝග වූ බෙහෙත් තෙල් ටිකක් නගුලේ ගා ගන්න. සී සාන ගවයින්ට තෙල් තිලක දෙන්න. ථල දරන ගස්වලට මේ පිරිත් නූල් බඳින්න තෙල් දින තුනක් ගසේ ගා ගත යුතුය. මේකට අදාල පාඨයක් තියෙනව.
ඕං ඕං ඕං ද්‍රෝං ද්‍රෝං ද්‍රෝං රීං රීං රීං
හුං හුං ඕං කුරු කුරු දාලේස්වාහ
දියාහෝව කත්වා නොසකං
සුප්පතිට්ඨිතා පාදතෝ අත්තනෝ දාය සාටා
නොච මහා අරහං
මෙම පාඨය එකසිය විසි අට වරක් ජීවම් කර අවසන් වූ පසු තමයි උදැල්ලේ ගාන්නේ . මින් ඉතා සශ්‍රීක ථලදාවක් ලබා ගත හැකියි.
පොළොව කෙටීමට පෙර කළ යුතු යමක්
තුන්වෙනුව මා ඉදිරිපත් කරන්නේ මේ සඳහාම තවත් ප්‍රයෝජනයට ගත හැකි ගොවිතැනට කරන කෙම් ක්‍රමයක්. මේ ගොඩ හෝ මඩ ගොවිතැන ආයුධයක් පොළොවට තැබීමට පෙර මේ මන්ත්‍රයෙන් එකසිය අට වතාවක් පැන් මතුරා ඒ අවශ්‍ය ප්‍රදේශයට ඉස ආරම්භ කළ යුතුයි. මේ සඳහා තමන් ඉස්සෙල්ලා ස්නානය කර පන්සිල් ගෙන කිරිබත් අනුභව කර නැගෙනහිරට හෝ උතුරට මුහුනලා මේ සකස් කරගත් නොයිදුල් පැන් එම ප්‍රදේශයට ඉස ආරම්භ කළ යුතුයි. එහෙම නැත්නම් පොලොව කොටන්න පටන් ගන්න ඕන ඊට ගාථාවක් තියෙනව.
වසුන්දරේ නිසීදේතී
පුස්පදේවී පසීදතූ
මනොත්තු සුභ ගානිත්‍යං
කෘෂිකර්ම ප්‍රසිද්‍යතා
තමන්ගේ සරු අස්වැන්නක් ලබා ගැනීමටත් පොළොවෙන් හෝ වෙනත් භාහිර උපද්‍රව වලින් තොර කළ හැකි මහගු කෙම් ක්‍රමයක් තමයි මේ ගාථා ධර්මයෙන් අපි සිද්ධ කර ගන්නේ.
කළට වැසි ලබා ගැනීමට කෙමක්
ඊළගට අපි කුඹුර කෙටුවට , හේන කෙටුවට ගොවිතැන් කරනකොට කළට වැසි නැත්නම් අපේ ගොවිතැන පාළු වෙලා යනව. එහෙනම් පැරැන්නෝ ඊට අදාල වතුර ලබා ගන්න පැරණි ක්‍රමයක් භාවිතා කළා. කළට වැසි නැතිව ගොවිතැන පාළු වෙයි කියල දිය ලබා ගැනීමේ ක්‍රමයක් භාවිතා කලා. එ ක්‍රමය තමයි මා මී ළගට ඉදිරිපත් කරන්නේ.
මෙහිදී ත්‍රිවිධ චෙත්‍යයට මල්පහන් කිරිබත් සුවඳ දුම් පුදා වතාවත් කොට දේවතාරාධනය කර මල් අසුනක් සකස් කර ස්ථිර අධිෂඨානයෙන් යුතුව තුන් සූත්‍රය කියා රතන සූත්‍රයේ සඳහන් වෙන තියං විරාගං අමතං පණීතං යන ආදී ගාථාවෙන් දහස් වාරයක් පුරවා මේ සාදාගත් නොඉදුල් පැන් ටික ඒ අවශ්‍ය ප්‍රදේශයට ඉසින්න. එහිදී සිදුවන්නේ කළට වේලාවට වැසි ලැබී තමන්ගේ ගොවිතැන සශ්‍රීක වීමයි.
බීජ වැපිරීමට පෙර කරන කෙමක්
අපි දැන් කරන්නේ බීජ වපුරන්න. මීට පෙර අප මුතුන් මිත්තන් භාවිතා කළ ක්‍රමයක් තමයි ඇටිකෙහෙල් අල කොටල යුෂ අරගෙන මී මොරය හා හා මිශ්‍ර කර ඒ යුශයෙන් බිත්තර වී වරක් තෙමා ගැනීමෙන් පස්සේ වපුරනව. නැත්නම් වතුර සෑහෙන ප්‍රමාණයක් දමල බිත්තර වී ඒකට දාල පොගන්න තියල මේක ගොඩ ගහල අදාල කාල සීමාව යනකොට වී හොඳින් පැළ වෙලා තියෙනව. පස්සේ මේ වී වපුරනවා නැත්නම් තවන් දානවා. ගුරු පොතේ සඳහන් විදිහට මින් නැළියෙන් අමුණු ගණනක අස්වැන්නක් ලැබෙන බව සඳහන් වෙනවා.